Saturday, May 4, 2024

General line - 0115112241

එකට එක කරමින් ඉන්දියාව සහ කැනඩාව රාජ්‍ය තාන්ත්‍රිකයින් නෙරපයි




වහාම ක්‍රියාත්මක වන පරිදි කැනේඩියානු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු රටින් නෙරපා හැරීමට ඉන්දියාව පියවර ගෙන තිබෙනවා.      

ඒ අනුව එම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියාට දින 05 ක් ඇතුලත ඉන්දියාවෙන් පිටවන ලෙස නියෝග කළ බවයි ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි ඉන්දියාව මෙලෙස කැනේඩියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා නෙරපා හැර ඇත්තේ එකට එක කිරීමක් ලෙසයි.

කැනඩාව ද එරට සිටින ඉන්දිය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු නෙරපා හැර තිබෙනවා.

ඒ අනුව ඉන්දියාව සහ කැනඩාව මේ වන විට ජාත්‍යන්තරය හමුවේ ප්‍රසිද්ධියේ එකිනෙකා සමඟ ගැටෙමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දියාව සහ කැනඩාව අතර හටගෙන ඇති එම රාජ්‍ය තාන්ත්‍රික අර්බුධයට හේතු වුණේ කැනඩාවේදී වෙඩි ප්‍රහාරයකින් මියගිය සික් ජාතිකයෙකුගේ මරණයට ඉන්දියාව සම්බන්ධ බවට කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ එරට පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයක්. ඉන්දියාව ඒ සඳහා දැඩි විරෝධය පළ කළ අතර චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවද පැවසුවා.

මේ අතර තීව්‍ර වෙමින් පවතින එම රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය හේතුවෙන් කැනඩාව සහ ඉන්දියාව සමඟ පවතින වෙළඳ සබඳතා සඳහා දැඩි බලපෑම් එල්ලවනු ඇති බවත්, දෙරට අතර සිදුකිරීමට නියමිතව තිබූ වෙළඳ ගණුදෙණුවක් ද කැනඩාව අවලංගු කර ඇති බවත් සඳහන්.