ශ්‍රී ලංකා ආසියානු කුසලාන සිහිනය බිඳ දැමූ ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාජ් එක්දින ක්‍රිකට් පිටියේ පන්දු යවන්නෙකුට හිමිකර ගත හැකි ඉහලම ස්ථානයට පැමිණ තිබෙනවා.
ඒ, ලොව අංක එකේ එක්දින පන්දු යවන්නා බවට පත්වෙමින්. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ප්‍රකාශයට පත්කල නවතම එක්දින ක්‍රිකට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ ලැස්තුවේ සිරාජ් පලමු තැනට පත්ව ඇත්තේ ප්‍රසාද ලකුණු 694ක් රැස් කර ගනිමින්.
ඔහු මෙම සුවිශේෂී කඩයිමට පැමිණ ඇත්තේ ආසියානු කුසලානයේ අවසන් මහා තරගයේ දැක්වූ දක්ෂතා මතයි.
මොහොමඩ් සිරාජ් එහිදී පන්දුවාර 07කදී ලකුණු 21කට කඩුලු 6ක් බිඳ හෙලුවා.
එය ආසියානු කුසලාන ඉතිහාසයේ දෙවන හොඳම පන්දු යැවීමයි.
එමෙන්ම ආසියානු කුසලානයේ වේග පන්දු යවන්නෙකු වාර්තා කල හොඳම පන්දු යැවීම එය වූ අතර ඔහු බිඳ හෙලුවේ වසර 28ක් පැරණි වාර්තාවක්.
එමෙන්ම එක්දින තරඟ ඉතිහාසයේ අඩුම පන්දු සංඛ්‍යාවකින් කඩුලු 05ක් දවා ගෙන චමින්ද වාස් බිහිකර තිබූ ලෝක වාර්තාව ද සිරාජ් විසින් එහිදී සම කලා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ප්‍රකාශයට පත්කල නවතම එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ පලමු ස්ථාන 10 තුලට කිසිදු ශ්‍රී ලාංකික පන්දු යවන්නෙකු ඇතුලත්ව නොතිබීම විශේෂත්වයක්.