Tuesday, April 30, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන සජබයේ මතය




පාස්කු ඉරුදින ත්‍රස්ථ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ 3 ක් මේ වන විටත් පවත්වා තිබුණ ද ඒ ඔස්සේ නිකුත් වූ අවසන් විමර්ශණ වාර්තා මඟින් ගනු ලැබූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.


යම් කණ්ඩායමක් බලය ලබාගැනීමේ අපේක්ෂාවෙන් පාස්කු ප්‍රහාරය සැලසුම් කළේ ද යන්න පිළිබඳ එල්ලවන චෝදනා සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ අනුමානය කුමක්ද යන්න සම්බන්ධයෙන් ද මෙහිදී ප්‍රශ්ණ කෙරුණා.


සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සහභාගී වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.