Tuesday, April 30, 2024

General line - 0115112241

ආසියානු කුසලානය පාවා දුන්නාද ?




ආසියානු ක්‍රිකට් කුසලානයේ අවසන් මහා තරඟය ඉන්දියාවට පාවාදුන් බවට තමන් කිසිවිටක ප්‍රකාශ නොකරන බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

ආසියානු කුසලානයේ පරාජය දඩමීමා කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මානසික මට්ටම බිඳ හෙළිය යුතු නැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක එහිදී පැවසුවේ.

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහන අද රාත්‍රී 7 යි 30 ට ප්‍රචාරය වීමට නියමිතයි.