Saturday, July 27, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අවසන් පූර්ව වටයට




2023 ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.

ඒ, තායිලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත් කරමින්. වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරඟය පන්දුවාර 15කට සීමා කළා. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් තායිලන්ත කණ්ඩායම පන්දුවාර 15කදී කඩුලු 7ක් දැවී රැස් කළේ ලකුණු 78ක් පමණයි.

පන්දු යැවීමේදී ඉනෝෂි ප්‍රියදර්ශන ලකුණු 10කට කඩුලු 04ක් බිඳ හෙලුවා. ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී එම ඉලක්කය පසු කර ගියා. ඒ, ලකුණු 84ක් රැස් කරමින්. අනුශ්කා සංජීවනී වේගවත් ලකුණු 32ක් සහ චමරි අතපත්තු ලකුණු 27ක් රැස් කළා. 


මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් පූර්ව වටයේදී පකිස්ථානය සමඟ තරඟ වදිනු ඇති. තරඟය ලබන ඉරිදා පැවැත්වීමට නියමිතයි.