Wednesday, February 5, 2025

General line - 0115112241

ඉන්දියාවේ 75 වන දියමන්ති ජුබිලි බාලදක්ෂ ජම්බෝරියට සහභාගී වූ මෙරට බාලදක්ෂිකා කණ්ඩායම යළි දිවයිනට

ටීකේජී කපිල




ඉන්දියාවේ බාලදක්ෂ සංගමය මගින් සංවිධානය කළ භාරත 75 වන දියමන්ති ජුබිලි බාලදක්ෂ ජම්බෝරියට සහභාගී වූ මෙරට බාලදක්ෂිකා කණ්ඩායම යළි මෙරටට පැමිණ තිබෙනවා. 

මෙම බාලදක්ෂ ජම්බෝරිය ලෝකයේ රටවල් ගනනාවක බාලදක්ෂ, බාලදක්ෂිකාවන් 16,000කගේ සහභාගීත්වයෙන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ටි්‍රචිනාපොලි නුවර දී පැවැත්වුණා.               

එම බාලදක්ෂ ජම්බෝරියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බාලදක්ෂිකාවන් 23 දෙනෙකු සහභාගී වී තිබෙනවා. 

මෙරට බාලදක්ෂිකා කණ්ඩායම ජම්බෝරියට සහභාගී වූ අනෙකුත් සියලු‍ම රටවල් පරදා ක්‍රීඩා, නර්තන, කණ්ඩායම් තරඟ ඇතුළු එහි පැවති සෑම අංගයකින්ම වැඩි දස්කම් දැක්වීමකට සමත් වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.