දකුණු අප්‍රිකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් තුන් දින සංචාරයක් සදහා අද දිවයිනට පැමිණ තිබෙනවා.
නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ මෙරට විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සදහා ජොන්ටි රෝඩ්ස් එලෙස දිවියනට පැමිණ ඇති බවයි.
ඒ පිළිබද තොරතුරු පසුව දැනුම් දෙන බවද ඔහු එහිදී ප්‍රකාශ කර තිබෙනවා.
ඉන්දියාවේ මුම්බායි නුවර සිට පැමිණ ඇති ජොන්ටි රෝඩ්ස් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති අතර එහිදී ගුවන් තොටුපොළ සේවිකාවන් විසින් ඔහු පිළිගනු ලැබූ බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.
කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරුවෙකු ලෙස ද ජොන්ටි රෝඩ්ස් කටයුතු කළා.