Sunday, May 5, 2024

General line - 0115112241

පෝලන්තය යුක්‍රේනය අතහරින ලකුණු




පෝලන්තය සහ යුකේ්්‍රනය අතර මේවනවිට මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.

ඒ, යුක්‍රේනයේ ධාන්‍ය අපනයනය පදනම් කර ගනිමින්.

යුරෝපා සංගමය සමඟ ඇතිකරගත් එකඟතාවක් අනුව යුක්‍රේන ධාන්‍ය සඳහා පනවා තිබූ තහනම දීර්ඝ කිරීමට පෝලන්තය ඉකුත් දා පියවර ගත්තා.

ඒ අනුව, පෝලන්තයට එරෙහිව ලෝක වෙළඳ සංවිධානයට පැමිණිලි කිරීමටයි යුක්‍රේනය කටයුතු කළේ.

එය පදනම් කර ගනිමින් පෝලන්තය, යුක්‍රේනය සමඟ උරණ වි සිටින අතර තවදුරටත් යුක්‍රේනයට අවි සැපයිමට කටයුතු නොකරන බවද තරයේ අවධාරණය කළා.

පෝලන්තය පැවසුවේ තමන්ට මේවනවිට වැදගත් වන්නේ සිය රට ආයුධ සන්නද්ධ කර ගැනීම බවයි. 

පෝලන්තය යනු යුක්‍රේන යුද්ධයේදී රුසියාවට එරෙහිව යුක්‍රේනයට සහය දැක්වූ ප්‍රධාන අසල්වැසියෙක්.

අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් යුක්‍රේනයට අවි ලබා දිමට පෙර සිට යුක්‍රේනයට අවි ලබා දිමට ඉදිරිපත් වූයේ පෝලන්තයයි.

එමෙන්ම, බටහිර රටවල් යුක්‍රේනයට අවි සැපයුවේද, ආහාර හා ඖෂධ ඇතුලු වෙනත් අවශ්‍යතා සැපයූවේද, එමෙන්ම, ලෝක නායකයින් කිහිප දෙනෙකු යුක්‍රේනය වෙත පැමිණියේද පෝලන්තය හරහායි.

එබැවින් අසල්වැසි පෝලන්තය සමඟ මතභේද ඇති කර ගැනීම යුක්‍රේනයට මේ මොහොතේ අවාසි සහගත බවයි ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ.

එවන් පසුබිමක් තුළ සිය ජනතාවට යළි කිසි දිනක අපහාස නොකරන්නැයි පෝලන්ත අග්‍රාමාත්‍යවරයා යුක්‍රේනයට අවාධාරණය කර තිබෙනවා.