Saturday, May 4, 2024

General line - 0115112241

ඉන්දු - කැනඩා සටන අලියෙකු සහ කූඹියෙකු අතර සටනක් - අමෙරිකාව කියයි




කැනේඩියානු ජාතිකයෙකුගේ ඝාතනයක් පදනම් කර ගනිමින් ඉන්දියාව සහ කැනඩාව අතර උද්ගත වී ඇති රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය සම්බන්ධයෙන් මේවනවිට ලෝකයේ දැඩි අවධානය යොමුව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඉකුත් දා අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියෙකු වන මයිකල් රූබින්ද අදහස් පළ කර තිබුණා.

එහිදී ඔහු පවසා තිබුණේ මෙම අවස්ථාවේදී අමෙරිකාවට ඉන්දියාවද නැතහොත් කැනඩාවද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදු වුවහොත් උපාය මාර්ගික වශයෙන් වඩාත් වැදගත් වන්නේ ඉන්දියාව බවයි.

කැනඩාව සහ ඉන්දියාව අතර පවතින මතභේදාත්මක තත්ත්වය ඔහු අලියෙකු හා කුහුඹුවෙකුට සමාන කර තිබෙනවා.

එහිදී අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියා පවසන්නේ මේ මොහොතේ කැනඩාව, ඉන්දියාව සමඟ සටනකට පෙළඹීම කුහුඹුවෙකු අලියෙකුට එරෙහිව ක්‍රියාත්මක කරන සටනක් බවයි. එහිදී ඔහු අලියා ලෙස විග්‍රහ කර තිබෙන්නේ ඉන්දියාව වීම ජාත්‍යන්තරය තුළ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.