Monday, November 25, 2024

General line - 0115112241

නිපා වෛසරය ගැන නිරන්තර අවධානයෙන් - සෞඛ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්




නිපා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයත් සමඟ නිරන්තරයෙන් සාකච්ඡා කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් සමඟද සාකච්ඡා කර අවශ්‍ය ගැනීමට බලාපොරොත්තු වන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

නිපා වෛරසය හඳුනා ගැනීමේ පරීක්ෂණ උපකරණ කට්ටල මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මෙලෙස පිළිතුරු ලබා දුන්නා.