24 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සිව්වන දිනය අදයි.
අද උදෑසන කාලයේදීද පාඨකයන් විශාල පිරිසක් කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ ප්‍රදර්ශණ භූමිය වෙත පැමිණ සිටියා.
එම ප්‍රදර්ශන භූමියේ ස්ථාපිත නෙත් එෆ් එම් කුටියේ ඇති පොත් කැටයට අභ්‍යාස පොත් පරිත්‍යාග කිරීමටද විශාල පිරිසක් උද්යෝගයෙන් යුතුව එක්ව සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.
ඒ පිළිබඳ නවතම තොරතුරු දැන ගැනීම සඳහා අප සම්බන්ධ කර ගත්තා එහි සිටින නෙත් විශේෂ නියෝජිත දුලාන් දිසානායක.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේ පිහිටි නෙත් එෆ් එම් විශේෂ කුටියේ ස්ථාපිත පොත් කැටය සඳහා පොත් පරිත්‍යාග කිරීමට පැමිණ සිටි පාඨකයින් කිහිප දෙනෙකු නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.
මේ අතර නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට සම්පත් දායකත්වය ලබා දෙන ප්‍රියනාත් ජයසූරිය විසින් රචිත නවතම කෘතිය වන “ආදරයෙන් ඔබ්බට” කෘතිය නෙත් එෆ් එම් කුටියෙන් මිලදී ගැනීමට ද පාඨක ඔබට අවස්ථාව සලසා දී තිබෙනවා.
මෙවරද කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා නෙත් එෆ් එම් රේඩියෝව නිල රේඩියෝ අනුග්‍රහය ලබා දෙනවා.