Saturday, May 4, 2024

General line - 0115112241

කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා කොකේන් භාවිත කරන බවට ඉන්දියාවෙන් චෝදනා




කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ඉන්දියාව ප්‍රභල චෝදනාවක් එල්ල කර තිබෙනවා.

ඒ අනුව, ඉන්දියාවේ හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු අනාවරණ කර ඇත්තේ ඉකුත් දා කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවට පැමිණි ගුවන් යානය තුළ තිබී කොකේන් මත්ද්‍රව්‍ය හමු වී ඇති බවයි.

කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ඉන්දියාවට පැමිණි ගුවන් යානයේ තිබූ කොකේන් මත්ද්‍රව්‍ය සොයා ගෙන ඇත්තේ එම ගුවන් යානය ඉන්දියාවට ගොඩ බැස්වීමෙන් අනතුරුව එය පරීක්ෂාව සඳහා යොදා ගැනුණු ඉන්දීය ආරක්ෂක අංශයට අයත් නිල සුනඛයින් විසින් බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, ඉන්දියාවට පැමිණි පසු කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා දින 2ක් ගත වන තුරු ඔහු රැඳී සිටි හෝටල් කාමරයෙන් පිටතට පැමිණ නොමැති බවයි අදාළ හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිවරයා අනාවරණ කර ඇත්තේ.

එමෙන්ම, ජී 20 සමුළුව සඳහා සහභාගී වූ රාජ්‍ය නායකයින් වෙනුවෙන් ඉන්දීය ජනාධිපති ද්‍රෞපති මුර්මු විසින් ලබා දුන් නිල රාත්‍රී භෝජන සංග්‍රහයටද කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා සහභාගී වී නැතැයි ඔහු අනාවරණ කර තිබෙනවා.

මෙවන් පසුබිමක් තුළ ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී සිටින බවට චෝදනා ඇති බවයි. 

එවන් අවස්ථාවලදි ඔහු උමතුවෙන් මෙන් හැසිරෙන බවත් අග්‍රාමාත්‍යවරයා සමීපව ඇසුරු කළ පුද්ගලයින් පවසන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ. 

කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් මෙවැන්නක් අනාවරණ වුණේ ඉන්දියාව සහ කැනඩාව අතර සීල රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය වී ඇති පසුබිමක් තුළයි.

කැනේඩියානු ජාතිකයෙකුගේ ඝාතනයකට ඉන්දීය රජය සම්බන්ධ බවට කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ එල් කල චෝදනාවක් මෙම අර්බුදයට හේතු වුණා.