Monday, November 25, 2024

General line - 0115112241

හදිසියේ අනුමැතිය දුන් ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ලෝක කුසලානයට ඉන්දියාවට

ටී.කේ.ජී.කපිල




එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සදහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියා.

ඊට ක්‍රීඩකයින්, නිලධාරීන්, පුහුණුකරුවන් ඇතුළු 35 දෙනෙකුගෙන් යුතු පිරිසක් ඇතුලත් බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 141 දරන ගුවන් යානයෙන් ඔවුන් ඊයේ රාත්‍රී 11 යි 40 ට පමණ ඉන්දියාවේ මුම්බායි බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියා.