Thursday, October 31, 2024

General line - 0115112241

නේත්‍රාභිවන්ඳනා මහා ධාතු නමස්කාරය අද සිට




නේත්‍රාභිවන්ඳනා මහා ධාතු නමස්කාරය අද සිට ආරම්භ වනවා.

දිවයිනේ විහාරස්ථාන කිහිපයකදී එම ධාතු නමස්කාරය ලබන 08 වනදා දක්වා පැවැත්වෙනවා.

හොරණ, දික්හේනපුර සීලසුව අරණෙහි නිර්මාණය කෙරුණු බක්කුල මහා සෑයේ වඩා හිදුවන ධාතූන් වහන්සේ එලෙස සැදැහැවතුන්ට සියැසින් දැක වන්ඳනාමාන කිරීමට අවස්ථාව පවතිනවා.

ඒ අනුව අද පස්වරු 3 සිට ලබන 30 වනදා දක්වා ඇඹිලිපිටිය, පල්ලෙබැද්ද ඓතිහාසික ශ්‍ර්‍රීි සංඛපාල රජමහා විහාරස්ථානයේදී ධාතූන් වහන්සේ වන්ඳනාමාන කිරීමට ඔබට හැකියි.

නේත්‍රාභිවන්ඳනා මහා ධාතු නමස්කාරයේ තවත් තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා හොරණ දික්හේනපුර සීලසුව අරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ රැඳී සිටින නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමඟ.


මේ අතර ඇඹිලිපිටිය, පල්ලෙබැද්ද ඓතිහාසික ශ්‍ර්‍රීි සංඛපාල රජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ කුඹල් පෙරහැර අද වීථි සංචාරය කෙරෙනවා.

මෙවර ඇසළ මහා පෙරහැර මංගල්‍යය ඔක්තෝම්බර් 3 වනදා දක්වා පැවැත්වෙන බවයි ඓතිහාසික සංඛපාල රාජමහා විහාරයේ භාරකාර පූජ්‍ය කොකාවල කෝසල ස්වාමීන් වහන්සේ පැවසුවේ.