Saturday, May 4, 2024

General line - 0115112241

කෘතිම බුද්ධිය AI තාක්ෂණයේ ඓතිහාසික පෙරළියක





කෘතිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය පිළිබඳ ලොව පුරා වැඩි කතාබහක් මතු කළ චැට් ජීපීටී නවතම පෙරළියක් කර තිබෙනවා.

ඒ, චැට් ජීපීටී හරහා තොරතුරු ලබාගත හැකි සීමා අසීමාන්තික ලෙස පුළුල් කරමින්. 


චැට් ජීපීටී හරහා මේ දක්වා තොරතුරු ලබාගැනීමට හැකිව තිබුණේ 2021 සැප්තැම්බර් දක්වා යාවත්කාලීන කර තිබූ තොරතුරු පමණයි.

එහෙත් නවතම යාවත්කාලීන කිරීමට අනුව, මේ මොහොතේ අන්තර්ජාලයට එක්වන ඕනෑම තොරතුරක් ද ලබාගැනීමේ හැකියාව චැට් ජීපීටී වෙත එක්කර තිබෙනවා. 


එමෙන්ම ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම්වල නවතම තොරතුරු ද දැන් මෙම තාක්ෂණය හරහා ලබාගත හැකියි.

එමෙන්ම හඬ භාවිත කර චැට් ජීපීටී ඔස්සේ ප්‍රශ්ණ අසා ඕනෑම ගැටළුවක් විසදා ගැනීමේ නව තාක්ෂණික ප්‍රවේශයක්ද මේ හරහා ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.