ලිංගික අතවර චෝදනා එල්ලවූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක එම චෝදනාවලින් ඔස්ටේ්රලියානු අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.
ඒ, සිද්ධියට අදාළ නඩුව සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයේදී කැදවූ අවස්ථාවේදීයි. අවසන් වරට පැවති ලෝක කුසලාන තරඟාවලිය අතරතුර ටින්ඩර් නම් සමාජ මාධ්‍ය යෙදවුමක් හරහා හමු වූ කාන්තාවක් ලිංගිකව අපයෝජනය කළ බවට ධනුෂ්ක ගුණතිලකට චෝදනා ගොනු වී තිබුණා.
ඉකුත් 21 වැනිදා ඔහුගේ නඩු විභාගය සිඩ්නි නුවර නිව් සවුත්වේල්ස් දිස්ත්‍රික් අධිකරණයේ දී අවසන් වූ අතර, එහි තීන්දුව අද ප්‍රකාශ කරමින් ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය තීන්දු කර ඇති බවයි ඔස්ටේ්රලියානු මාධ්‍ය වාර්තා කළේ.
තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරිය පවසා ඇත්තේ ධනුෂ්ක ගුණතිලක පොලීසියට සත්‍ය පවසා ඇති බවයි. එමෙන්ම පොලීසිය ඔහුගෙන් ඇසූ සෑම ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදී ඇති බවත්, විනිසුරුවරිය මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.
ධනුෂ්ක ගුණතිලකට එරෙහිව චෝදනා 04 ක් එල්ලවූ අතර පසුව එම චෝදනාවලින් 03 ක්ම ඉවත් කෙරුණා. අවසන් වශයෙන් නඩුව ක්‍රියාත්මක වූයේ බලහත්කාරයෙන් කාන්තාවක් අපයෝජනය කළ බවට වූ නඩුව ක්‍රියාත්මක වූ අතර එහි තීන්දුවයි මෙලෙස ප්‍රකාශයට පත්වී ඇත්තෙ