ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකු වන නිලූක කරුණාරත්න අද ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට සමුදෙන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කලා.
නිලූක යනු ශ්‍රී ලංකා නාමය ඔලිම්පික් බිමට රැගෙන ගිය සුපිරි ක්‍රීඩකයෙක්.
1985 වසරේ උපත ලබන ඔහු ක්‍රීඩාවට යොමු වන්නේ සිය පවුලේ ආභාශයෙන්. දීප්තිමත් බැඩ්මින්ටන් ගමනකට හිමිකම් කියන නිලූක 2012, 2016 සහ 2020 ඔලිම්පික් තරඟ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකු ලෙස එක්වුණා.
ඔහු දැනටත් ශ්‍රී ලංකාවේ අංක එකේ බැඩ්මින්ටන් ක්‍රීඩකයායි. නිලූක රන් පදක්කම් 9ක් ඇතුළුව ජාත්‍යන්තර ඉසව්වලදී ඔහු එකතු කරගත් පදක්කම් සංඛ්‍යාව 21ක්. ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රියම බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන්නේ ද ඔහුයි.
නිලූක 2013 ජූනි මාසයේදී බැඩ්මින්ටන් කේවල ඉසව්වේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වල 34 වැනි ස්ථානයට පැමිණ අතර එය ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩකයකුගේ පුද්ගලික හොඳම ශ්‍රේණිගත කිරීමයි.
ඔහු ජාතික බැඩ්මින්ටන් ශූරයා ලෙස 17 වතාවක් සිය වාර්තාව අලුත් කර තිබෙනවා.
එය ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකු විසින් වැඩිම වාර ගණනකදී ජාතික ශූරයා වූ අවස්ථාවයි.
ඔහුගේ පියා ලුවී කරුණාරත්න සහ සහෝදරයන් වන දිනුක කරුණාරත්න ද බැඩ්මින්ටන් ක්‍රීඩාවට සම්බන්ධයි. ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න නිලූකගේ සහෝදරයා වනවා.
නිලූක කරුණාරත්න ද වෘත්තීය බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක්.