Friday, November 15, 2024

General line - 0115112241

නිපා වෛරසයේ අලුත්ම තත්වය




මේදිනවල බොහෝ දෙනෙකු සමාජයේ කතා කරන වෛරසයක් වන්නේ නිපා වෛරසයයි. ඊට හේතු වී ඇත්තේ අපට අසල්වැසි ඉන්දියාවෙන් නිපා වෛරස ආසාධිත මරණ දෙකක් වාර්තා විමයි. ඒ අනුව බොහෝ දෙනෙකු විමසන්නේ නිපා වෛරසය පැතිර යමින් ඇති බැවින් ඉන් ආරක්ෂා වීමට මුව ආවරණ පැළදිය යුතුද යන්නයි. 


නෙත් නිවුස් කළ විමසීමකදී ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය වින්‍යා ආරියරත්න පැවසුවේ නිපා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා සිදුකළ යුතුව ඇත්තේ ඒ සඳහා බියවීම නොව සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් විමසිලිමත්ව කටයුතු කිරීම බවයි. “නිපා” යනු ඉතා සමීප ආශ්‍රයකින් පමණක් පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වන රෝගයක් බවද ඔහු පැවසුවා.


නිපා වෛරසය ආසාදිත රෝගීන් තවමත් මෙරටින් වාර්තා නොවන බැවින් ඒ සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස කලබලවීම සිදුනොකළ යුතු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.