ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් පෙර පුහුණු තරඟය අද පැවැත්වෙනවා.
ඒ, ඇෆ්ගනිස්තානය සමඟයි. ගුවාහිති හිදී දිවා රාත්‍රී තරඟයක් ලෙස පැවැත්වෙන එම තරඟය පස්වරු 2 ට ආරම්භ වීමට නියමිතයි.
ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු පුහුණු තරඟය බංග්ලාදේශය හමුවේ පරාජය වීම හේතුවෙන් අද තරඟය ශ්‍රී ලංකා කණ්ඩායමට වඩාත් වැදගත් වනු ඇති.
ඒ, ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකා කන්ඩායමට ක්‍රීඩා කරන 11 දෙනා සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහායි.
මීට අමතරව ඉන්දියාව හා නෙදර්ලන්තය අතර මෙන්ම ඔස්ටේ්රලියාව හා පකිස්තානය අතර පෙර පුහුණු තරඟ ද අද පැවැත්වෙනවා.
මේ අතර ආසියානු ක්‍රීඩා උලෙලේ පිරිමි ක්‍රිකට් තරඟයේදී පන්දුවාර 20 වේගවත්ම ශතක ලාභීන්ගේ ලැයිස්තුවට එක්වීමට ඉන්දීය නවක පිතිකරු යශෂ්වි ජස්වාල් අද සමත් වුණා.
ඒ, නේපාලය සමග පැවැත්වෙන තරඟයේදී පන්දු 48කින් ශතකය රැස් කරමින්. එය පන්දුවාර 20 පිටියේ අඩුම පන්දු සංඛ්‍යාවකින් ශතකයක් වාර්තා වූ 31වන අවස්ථාවයි.