ආසියානු ක්රීඩා උළලේ පදක්කමක් පිළිබද බලාපොරොත්තු තබා ගැනීම සදහා පැවති තීරණාත්මක තරගයෙන් ශ්රී ලංකාව අද පරාජයට පත් වුණා.
ඒ, පිරිමි ක්රිකට් ඉසව්වේදීයි. තරගාවලියේ 3වන අර්ධ අවසන් පූර්ව තරගය ලෙස පැවති මෙම තරගයේ ශ්රී ලංකා ප්රතිවාදීන් වූයේ ඇෆ්ගනිස්ථානයයි.
ශ්රී ලංකා දක්ෂ පන්දු යැවීම හමුවේ ඇෆ්ගනිස්ථාන ඉනිම ලකුණු 116කට සීමා වුණා. දක්ෂ පන්දු යැවීමක නිරත වූ නුවන් තුෂාර ලකුණු 17කට කඩුළු 7 ක් බිද හෙළුවා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 108 ක් පමණයි. ඒ, අනුව ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට ආසියානු ක්රීඩා උලළෙන් ඉවත්වීමට සිදුවුණා.