Saturday, May 4, 2024

General line - 0115112241

ඇෆ්ගන් ජාතිකයින් ලක්‍ෂ 17ක් පකිස්තානයෙන් එළවයි




සිය රට තුළ සිටින සියළු අනවසර ඇෆ්ගන් සරණාගතයින්ට වහාම රටෙන් ඉවත් වන ලෙස පකිස්තානය දන්වා තිබෙනවා.

ඒ, ලබන මාසයට පෙරයි. ඒ අනුව පකිස්තානයේ සිටින ඇෆ්ගන් ජාතිකයින් මිලියන එකයි දශම 7 කට පකිස්තානය අතහැර යාමට සිදුවනවා. 


මෙම තීරණයට ආසන්නතම හේතුව වී ඇත්තේ දෙරටේ දේශසීමා අතර පවතින උණුසුම් තත්ත්වයයි.

ඉකුත් සතියේ ඇෆ්ගනිස්ථාන දේශ සීමා ආසන්නයේ පැවති ආගමික උත්සවයක් අතරතුර සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් පනස් දෙනෙකු මිය ගියා.

ඇෆ්ගනිස්ථාන සටන්කාමීන් දේශසීමාව තරණය කර ප්‍රහාර එල්ල කරන බවට පකිස්තානය චෝදනා කරන අතර තලෙයිබාන් පාලනය එය ප්‍රතික්‍ෂේප කර තිබෙනවා.