ශ්රී ලංකා පාපන්දු සම්මේලනයේ නව නිලධාරී මණ්ඩලය සිය රාජකාරී කටයුතු ආරම්භ කර තිබෙනවා. නව සභාපතිවරයා ලෙස තේරී පත් වූ ජස්වර් උමාර් සිය කටයුතු ආරම්භ කළේ පාපන්දු නිවහනේදීයි.
මෙහිදී ශ්රී ලංකා පාපන්දු සම්මේලනයේ උප සභාපතිවරුන් හා විධායක කමිටුවද සිය කටයුතු ආරම්භ කළා.
ශ්රී ලංකා පාපන්දු සම්මේලනයේ ගෞරවණීය උප සභාපතිවරයෙකු ලෙස නෙත් එෆ් එම් රේඩියෝවේ සභාපති නිහාල් සෙනෙවිරත්න ඈපා ද පත් කර තිබෙනවා.