ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ අද පැවැත්වෙන සමාරම්භක තරඟය කණ්ඩායම් දෙකේම සුපිරි ක්‍රීඩකයින් කිහිප දෙනෙකුටම අහිමිවනු ඇති බවට වාර්තා පළවී තිබෙනවා. ඒ, ආබාධ තත්ත්වයන් හේතුවෙන්.
අද තරඟය පැවැත්වෙන්නේ ගියවර එක්දින ලෝක කුසලානයේ අවසන් මහා තරඟයට පිවිස එංගලන්තය සහ නවසීලන්තය අතරයි.
ඒ අනුව අවසන් මහා තරඟයේදී එංගලන්තයට ලෝක කුසලානය දිනා දුන් සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක් අද තරඟයට සහභාගී වීම අවිනිශ්චිත බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.
එමෙන්ම නවසීලන්ත නායක කේන් විලියම්සන් සහ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ටිම් සවුති ද අද තරඟයට ක්‍රීඩා නොකරනු ඇතැයි සඳහන්.
එංගලන්ත - නවසීලන්ත ලෝක කුසලානයේ පළමු තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද සවස 2 ට ආරම්භ වීමට නියමිතයි. ඒ, ඉන්දියාවේ අහමදාබාද් ක්රීඩාංගණයේදීයි.