Monday, November 25, 2024

General line - 0115112241

ගියවර ලෝක ශූරයන්ට අනුශූරයන්ගෙන් පාඩමක්




මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය පෙරළිකාර ජයක් සමඟ ආරම්භ කිරීමට නවසීලන්තය සමත් වුණා. ඒ, වත්මන් එක්දින ක්‍රිකට් ලෝක ශූරයින් වන එංගලන්තය පරාජයට පත් කරමින්.


එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ සමාරම්භක තරඟය වූ මෙම තරඟය කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබුණේ ගියවර ලෝක ශූරයින් වන එංගලන්තය සහ අනුශූරයින් වූ නවසීලන්තය මෙම තරඟයේදී මුණ ගැසීම හේතුවෙන්.

තරඟයේ කාසිය වාසිය දිනූ නවසීලන්තය තීරණය කලේ ප්‍රථමයෙන් පන්දු යැවීමටයි. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ප්‍රභල එංගලන්ත කණ්ඩායමේ පිතිකරණ බලඇණිය ලකුණු 282 කට සීමා කිරීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

ජෝ රූට්ස් ලකුණු 77 යි. පන්දු යැවීමේදී මැට් හෙන්රි ලකුණු 48 කට කඬුලු 03 ක් බිද හෙලුවා. 


ලකුණු 283 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය නවසීලන්තය තරඟය ජයගත්තේ කඬුලු 9 ක් ඉතිරිව තිබියදීයි. විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ඩෙවෝන් කොන්වේ නොදැවී ලකුණු 152 ක් සහ රචින් රවීන්ද්‍රා නොදැවී ලකුණු 123 ක් රැස් කළා.

ඔවුන් දෙදෙනා අතර දෙවන කඬුල්ලට ගොඩ නැගුණු සබඳතාව ලකුණු 273 ක්. එය එක්දින ක්‍රිකට් තරඟයක නවසීලන්ත පිතිකරුවන් දෙදෙනෙකු අතර දෙවන කඬුල්ලට ගොඩනැගුණු වැඩිම සබඳතාවයි.