Monday, November 25, 2024

General line - 0115112241

 ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ පකිස්ථානයට එරෙහිව පළමු ජය සොයා ශ්‍රී ලංකාව අද තරඟ බිමට.




ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා - පකිස්ථාන තරගය අද පැවැත්වෙනවා.

ඒ, හයිද්‍රාබාද් නුවරදීයී.

අද තරගයේදී මහේෂ් තීක්ෂණ ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වනු ඇති බවටයි වාර්තා වන්නේ. ආබාධයක් හේතුවෙන් ඔහුට ලෝක කුසලානයේ පුහුණු තරග දෙක මෙන්ම දකුණු අප්‍රිකාවට එරෙහි තරගයද අහිමි වුණා.

ඒ අනුව වේග පන්දු යවන්නෙකු වෙනුවට මහේෂ් තීක්ෂණ අද තරගයට කැදවනු ඇති.

පකිස්ථාන කණ්ඩායම මෙම ක්‍රීඩාංගනයේ ක්‍රීඩා කල පළමු තරගයෙන් නෙදර්ලන්තය පරදා ජය වාර්තා කලා. ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව හමුවේ පරාජය වීම හේතුවෙන් අද තරගයේ ජය ඔවුන්ට ඉදිරි ගමනට වැදගත් වනු ඇති.

පකිස්ථානය සමග ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව අවස්ථා 07කදී මුණගැසී ඇතත් ඒ සෑම තරගයකම ජය හිමිවුණේ පකිස්ථානයටයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට අද තරගය ජය ගෙන ඉතිහාසයේ පලමු වරට ලෝක කුසලානයකදී පකිස්ථානය පරාජය කිරීමටද අවස්ථාව උදා වනවා.

මේ අතර ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්ත - නෙදර්ලන්ත තරගයේදී නවසීලන්තය ලකුණු 99ක පහසු ජයක් වාර්තා කලා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය කඩුලු 07ක් දැවී ලකුණු 322ක් රැස් කලා.

නෙදර්ලන්තය සියලු දෙනා දැවී රැස් කලේ ලකුණු 223ක් පමණයි. මිචෙල් සැට්නර් ලකුණු 59කට කඩුලු 5ක් බිද හෙලුවා.