Monday, November 25, 2024

General line - 0115112241

ලක්මව රනින් සැරසූ තරුෂිගේ මීළඟ බලාපොරොත්තුව

ටී.කේ.ජී.කපිල




චීනයේ පැවති 19 වන ආසියානු ක්‍රීඩා තරගාවලියේදී රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනූ ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණියා.

 එහිදී කාගේත් වඩාත් අවධානයට ලක් වූයේ රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනා ගත් තරුෂි කරුණාරත්න වෙතයි.

වළළ ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන ඇය සිය ජයග්‍රහණය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.


ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස පිළිගැනීම සදහා ඔවුන්ගේ දෙමාපියන්, ඥාතීන්, එම පාසැල්වල ගුරු විදුහල්පතිවරුන්, යුධ හමුදා නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.