Monday, April 29, 2024

General line - 0115112241

 ඊශ්‍රායලය නිසා අමෙරිකාව සහ චීනය ගැටෙයි




හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායලය අතර පවතින යුදමය තත්ත්වය පදනම් කර ගනිමින් අමෙරිකාව සහ චීනය අතර මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.

ඒ, හමාස් සංවිධානය, ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් චීනය දැක්වූ ප්‍රතිචාරය පදනම් කර ගනිමින්.

අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් දීන විදේශ කටයුතු අමාත්‍යංශය  පවසා තිබුණේ සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට සහ තත්වය තවදුරටත් පිරිහීම වැළැක්වීම සඳහා සන්සුන්ව හා සංයමයෙන් ක්‍රියා කරන ලෙසත්, වහාම සතුරුකම් අවසන් කරන ලෙසත් අපි අදාළ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිමු ලෙසයි.

ගැටුමෙන් මිදීමේ මූලික මාර්ගය වන්නේ රාජ්‍ය දෙකේ විසඳුම ක්‍රියාත්මක කිරීම සහ ස්වාධීන පලස්තීන රාජ්‍යයක් පිහිටුවීම බව ද අදාළ නිවේදනය මගින් චීන විදේශ අමාත්‍යාංශය පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. 


ඊශ්‍රායලයට සහය පළ කරන අමෙරිකාව චීනයේ මම ප්‍රකාශය සම්බන්ධයෙන් විරෝධය පළ කරනවා. ගාසා තීරය පාලනය කරන  හමාස් සංවිධානය අමෙරිකාව සහ යුරෝපා සංගමය විසින් නම් කර ඇත්තේ ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙසයි.

එහෙත් චීනය කිසිඳු අවස්ථාවක ගාසා හි හමාස් සටන්කාමීන් සම්බන්ධයෙන් අදහස් පළ කර නොතිබීම අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල දෝෂදර්ශනයට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.