ආබාධ තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා නායක දසුන් ශානක ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කර තිබෙනවා.
මීට පෙර වාර්තා වුණේ දසුන් ලබන සදුදා පැවැත්වෙන ඔස්ට්‍රේලියා තරගයෙන් පමණක් ඉවත් කර ඇති බවටයි.
එහෙත් දැන් වාර්තා වන ආකාරයට ඔහු ලෝක කුසලාන තරගාවලියෙන්ම ඉවත් කර තිබෙනවා.
ඒ වෙනුවට ශ්‍රී ලංකා සංචිතයේ අතිරේක ක්‍රීඩකයෙකු ලෙස සිටින චාමික කරුණාරත්න ශ්‍රී ලංකා සංචිතයට කැදවීමට නියමතයි.
ඒ සදහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනූමැතිය ලැබී ඇති බවටයි වාර්තා වන්නේ.
එමෙන්ම ලෝක කුසලානයේ ඉදිරි තරග වලදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කුසල් මෙන්ඩිස්ට ලබා දී තිබෙනවා.
නෙත් ස්පෝට්ස්මන් වෙත වාර්තා වුණේ දසුන් ශානකගේ පාදයේ ආබාධයක් ඇති වී තිබෙන බවයි.