Monday, April 29, 2024

General line - 0115112241

ඊශ්‍රායලයෙන් දැවැන්ත ප්‍රහාරයක් අත ළග - ගොඩබිමෙන්, ගුවනින් සහ මුහුදෙන් ගාසා තිරය වට කරයි




ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර ගාසා තීරයේ පවතින ගැටුම් තීරණාත්මක අවස්ථාවකට එළඹ තිබෙනවා.

ඒ, දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් බවට ඊශ්‍රායලය නිල වශයෙන් ප්‍රකාශ කිරීමත් සමගයි.

ඒ අනුව ඊශ්‍රායල හමුදාව ගොඩබිම, ගුවනින් සහ මුහුදෙන් ප්‍රහාරයක් සැලසුම් කරමින් සිටින බව නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායලයම තහවුරු කර තිබෙනවා.

නමුත් ප්‍රහාරය එල්ල කරන වේලාවන් හෝ ප්‍රදේශ පිළිබද කිසිවක් ප්‍රකාශ කර නැහැ.

කෙසේ වෙතත්, ඊශ්‍රායලය විසින් ගාසා තීරයට ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කරනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

ඒ, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් භූමියේ සිටින සොල්දාදුවන්ට, ”ඊළඟ අදියර සදහා සූදානම් වන්න නැයි” ප්‍රකාශ කර තිබීම හේතුවෙන්.

උතුරු ගාසා තීරයේ වෙසෙන මිලියන 1යි දශම 1 පලස්තීනුවන්ට එම ප්‍රදේශ වලින්  ඉවත් වන ලෙස ඊශ්‍රායලය අනතුරු අඟවා දැන් දින දෙකක් වනවා.

අදාල කාලය තුල දහස් ගණනක් වාහනවලින් හෝ පයින් සිය ප්‍රදේශ අතහැර පලා යමින් සිටිනවා.

පසුගිය සති අන්තයේ හමාස් සටන්කාමීන් දේශසීමා හරහා පැමිණ එල්ල කල ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ 1,300 කට වැඩි පිරිසක් මිය ගොස් ඇතැයි දැනටමත් තහවුරු කර අවසන්.

කෙසේ වෙතත්, ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කල බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයන් 2200කට වැඩි පිරිසක් මිය ගිය බව පලස්තීන බලධාරීහු පවසනවා.

දේශපාලන විශ්ලේෂකයින් පවසන්නේ ගාසා ගැටුම් සමතයකට පත්වන බවක් පෙනෙන්නට නොමැති බවයි.