Monday, April 29, 2024

General line - 0115112241

ගාසා තීරය අගාධයට - ඊශ්‍රායලය හා ලෙබනනයත් උණුසුම් වෙයි (VIDEO)




ගාසා තීරය “අගාධයකට තල්ලු වෙමින් පවතින” බව එක්සත් ජාතීන්ගේ ආධාර ඒජන්සිය පවසනවා.

ඔවුන් මේ බව කියා සිටියේ ඊශ්‍රායල හමුදාව ගොඩබිමෙන්, ගුවනින් සහ මුහුදෙන් ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වෙමින් සිටින පසුබිමකයි.

විදෙස් මාධ්‍ය පැවසුවේ ඊශ්‍රායල හමුදාව පළමුව ගොඩබිම් ප්‍රහාරයකට සූදානම් වනු ඇති බවයි.

”ඊශ්‍රායලයට එරෙහි සතුරු ක්‍රියා වැලැක්වීම” සඳහා එක්සත් ජනපදය ද මේ වන විට මැදිහත් වෙමින් සිටිනවා.

ඔවුන් දෙවන වරටත් ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් කලාපයට ඒවා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

මේ අතරතුර, ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කළහොත් “දුරදිග යන ප්‍රතිවිපාක” එල්ල විය හැකි බවට ඉරානය ද අනතුරු අඟවා තිබෙනවා.

ජාත්‍යන්තර බල අරගලයකට මැදිව සිටින උතුරු ගාසා තීරයේ වෙසෙන මිලියන 1.1 පලස්තීනුවන්ට ඉවත් වන ලෙස ඊශ්‍රායලය කල අනතුරු ඇගවීම හමුවේ දහස් ගණනක් මේ වන විටත් වාහනවලින් හෝ පයින් සිය ප්‍රදේශ අතහැර පලා යමින් සිටිනවා.

ඒ අතරතුරයි, එක්සත් ජාතීන්ගේ ආධාර ඒජන්සිය විසින් ගාසා තීරය “අගාධයකට තල්ලු වෙමින් පවතින” බවට ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර, ලෙබනනය සහ ඊශ්‍රායලය අතරද දැන් උණුසුම් තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබෙනවා.

ඒ, ලෙබනනයේ සිට එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් ඊශ්‍රායල සිවිල් වැසියෙකු මිය යාමත් සමගයි.