Friday, September 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ‘හෙට තරගයට’ ටිකට් නෑ



ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ පළමු තරගය හෙට (21) පැවැත්වෙනවා.

ඒ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී.

මේ තරගය සඳහා නිකුත් කර ඇති සියලු ටිකට් පත් මේ වන විට විකිණී අවසන් බවයි ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයෙන් වාර්තා වන්නේ.

නිල වශයෙන් ටිකට් විකිණී අවසන් වුවත් ක්‍රීඩාංගණය අවට ටිකට් විකුණන පුද්ගලයන් සිටින බවයි පැවසෙන්නේ.

රුපියල් 100 ටිකට් පත් රුපියල් 300කට ද රුපියල් 500 ටිකට් පත් රුපියල් දහසකට ද ඔවුන් අලෙවි කරන බව වාර්තා වනවා.

අද (20)පෙරවරුවේ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දොරටුව අසළට ටිකට් සොයා පැමිණි පිරිස පහත ඡායාරූප මගින් දැක්වෙනවා.

1 2