එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර තීරණාත්මක තරගය අද පැවැත්වෙනවා.
ඒ, ඉන්දියාවේ ලක්නව් හිදී.
ලෝක කුසලානයේ මෙම කණ්ඩායම් දෙකම සහභාගී වූ පළමු තරග දෙක පරාජයට පත්වුණා.
එබැවින් අතිරේක පීඩනයකින් තොරව තරගාවලියේ ඉදිරියට යාමට නම් මෙම තරගයේ ජය කණ්ඩායම් දෙකටම අතිශය වැදගත්.
ඉන්දියාවෙන් ලැබෙන ආරංචි මාර්ග අනුව ඕස්ට්‍රේලියාව කිසිදු වෙනසකින් තොරව අද තරගයට එක්වනු ඇති.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව අද තරගයට එක් වන්නේ දසුන් ශානක හා මතීෂ පතිරණ නොමැතිවයි.
ඒ වෙනුවට චාමික කරුණාරත්න හා කසුන් රාජිත අද තරගයට එක් වීමට නියමිතයි.
විචාරක මතය අනුව නම් අද තරගයේ වැඩි පීඩනය ඇත්තේ ඕස්ට්‍රේලියාවටයි.
ඒ, මෙවර ලෝක කුසලානය දිනනු ඇති බවට බොහෝ පිරිසක් අනුමාන කල කණ්ඩායම් අතර ඉදිරියෙන්ම ඕස්ට්‍රේලියාවද සිටීම හේතුවෙන්.
එමෙන්ම පසුගිය ලෝක කුසලාන තරග දෙකේදීම ප්‍රබල ඕස්ට්‍රේලියානු පිතිකරණ බල ඇණියට ලකුණු 200 සීමාව හෝ පසු කර යැමට නොහැකි වීම තවත් කරුණක්.
අද තරගයේදී ශ්‍රී ලංකාව මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ කුසල් මෙන්ඩිස්ටයි.
කුසල් යනු ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ 26වන නායකයායි.
ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැත්වෙන අද තරඟයේ සැලසුම පිළිබඳ නායක කුසල් මෙන්ඩිස් මෙලෙස අදහස් පළ කළා.
ශ්‍රී් ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක දසුන් ශානකගේ ආබාධ තත්ත්වය සහ ඔහු නොමැතිව අද තරඟය ක්‍රීඩා කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට කුසල් මෙන්ඩිස් මෙලෙස පිළිතුරු ලබා දුන්නා.