එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවති තරගයෙන් ඔස්ටේ්රලියාව කඩුළු 05ක පහසු ජයක් වාර්තා කලා.
ඉන්දියාවේ ලක්නව් හිදී පැවති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාවට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 209ක් පමණයි.
මෙම ඉලක්කය හඹා ගිය ඔස්ටේ්රලියාව පන්දුවාර 35යි පන්දු 02ක් අවසානයේ ලකුණු 215ක් රැස් කරමින් තරගය ජය ගත්තා.
දිල්ෂාන් මදුෂංක කඩුලු 03ක් දවා ගනිමින් ශ්‍රී ලංකාවට යම් බලාපොරොත්තුවක් ගෙන ආවද සෙසු පන්දු යවන්නන් අසාර්ථක වීම හේතුවෙන් ඕස්ට්‍රේලියාවට ජය පහසු වුණා.
මෙම තරගයේදී ශ්‍රී ලංකා නම ඉදිරියේ අමිහිරි වාර්තාවක් ද සටහන් වනවා.
ඒ, ගතවූ වසර 12 තුල, ලෝක කුසලාන එක්දින තරගයකදී කණ්ඩාමේ සියලු දෙනා අඩුම ලකුණු පරතරයක් තුල දැවී ගිය එකම අවස්ථාව ලෙසටයි.
කුසල් ජනිත් පෙරේරා හා පැතුම් නිශ්සංක ශ්‍රී ලංකා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 125ක සබදතාවක් ගොඩ නැගුවා.
කුසල් ජනිත් පෙරේරා ලකුණු 78ක් හා පැතුම් නිස්සංක ලකුණු 61ක් රැස් කලා.
කෙසේ වෙතත් ආරම්භක සබදතාව බිඳ වැටීමෙන් පසු ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් සියලු දෙනා දැවී ගියේ ලකුණු 84ක් තුලයි.
එය සැලකුණේ 2011 වසරෙන් පසු ලෝක කුසලාන එක්දින ක්‍රිකට් පිටියේ අඩුම ලකුණු පරතරයක් තුල කඩුලු 10ම බිද වැටුණු පළමු අවස්ථාව ලෙසයි.
ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල ලකුණු 125දී දැවී යන අතර අවසන් කඩුල්ල ලකුණු 209දී බිද වැටුණා.
ඒ අතර පරතරය ලකුණු 84ක්.
මීට පෙර ද ශ්‍රී ලංකා පිලේ කඩුළු 10ක් මෙලෙසම අඩුම ලකුණු පරතරයක් තුල බිද වැටෙනවා.
ඒ, 1975 වසරේදී ශ්‍රී ලංකා පිල සහභාගී වූ පළමු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදීයි.
එහිදී ශ්‍රී ලංකා පිලේ කඩුළු 10ම බිද වැටෙන්නේ ලකුණු 81ක් තුලයි.
එම තරගයේ ශ්‍රී ලංකා පිලේ ප්‍රතිවාදීන් වන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි.
එහිදී ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල ලකුණු 5දී බිද වැටෙන අතර අවසන් කඩුල්ල බිද වැටෙන්නේ ලකුණු 86දීයී.
මෙම තරගයේ පරාජයත් සමග ශ්‍රී ලංකාව ලෝක කුසලානයේ මෙතෙක් සහභාගී වූ තරග 03ම පරාජය වී තිබෙනවා.