Thursday, December 19, 2024

General line - 0115112241

දක්ෂණ අධිවේගී මාර්ගයේ අවදානම් ඇති ස්ථාන සොයා තවදුරටත් පර්යේෂණ




දක්ෂිණ අධිවේගී මාර්ගයේ නාය යාම් හා පස්කඳු කඩා වැටීම් සිදුවන තවත් ස්ථාන සොයා පර්යේෂණ ආරම්භ කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් එල් වී එස් වීරකෝන් පවසනවා.

ඔහු සඳහන් කළේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් සහභාගී වන ආරක්ෂක අමාත්‍ය අංශය යටතේ පවතින ව්‍යාපෘතියක් හරහා අවදානම් සහගත ස්ථාන නිරීක්ෂණය කර ඒවාට කඩිනම් විසඳුම් ලබා දිමට සැලසුම් කර ඇති බවයි.


මේ අතර, පස් කන්දක් කඩා වැටුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව සහ පින්නදූව කොටස වාහන ගමනාගමනයට සම්පූර්ණයෙන් විවෘත කිරීමට සිදු කරනු ලබන්නේ එම ස්ථානයේ සිදු කරන පර්යේෂණ කටයුතුවල වාර්තාවේ අවසන් නිගමනය ලැබීමෙන් අනතුරුව බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් එල් වී එස් වීරකෝන් පැවසුවේ.