රජය ඇණවුම් කළ පළමු සහල් තොගය අද දිනයේදී මෙරටට ලැබීමට නියමිත බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.
කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පැවසුවේ පෞද්ගලික අංශයට සහල් ගෙන ඒමට තවදුරටත් පහසුකම් සැලසුවානම් මීට වඩා වැඩි ප්‍රතිලාභයක් ලබා ගැනීමට තිබූ බවයි.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසුවේ වී අලෙවි මණ්ඩලය 2015 සිට 2020 දක්වා රුපියල් මිලියන 11,305ක පාඩුවක් ලබා ඇති බවයි.
මේ අතර පොහොර ප්‍රමාද වී ඇති පොහොර සහනාධාරයද කඩිනමින් ලබා දීමට කටයුතු කරන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.