ක්රිකට් ක්රීඩක දනුෂ්ක ගුණතිලකට එරෙහිව පනවා තිබූ ක්රිකට් තහනම ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් ඉවත් කර තිබෙනවා.
ඒ ඔහුට එරෙහිව ඕස්ටේ්රලියාවේදී එල්ල වූ අපරාධ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ ස්වාධින විමර්ශන කමිටුව ලබා දුන් නිර්දේශ අනුව බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්රී ලංකා ක්රිකට් ආයතනය පැවසුවේ.
2022 වසරේ ඔස්ටේ්රලියාවේ පැවති ලෝක කුසලාන ක්රිකට් තරඟාවලිය අතරතුර තරුණියකට ලිංගික අතවර සිදු කළ බවට දනුෂ්ක ගුණතිලකට චෝදනා එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ඕස්ටේ්රලියානු අධිකරණය නඩුවක්ද විභාගයට ගැනුණා.
ඒ අනුවයි පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට දනුෂ්ක ගුණතිලකට ක්රිකට් තහනමක් පැනවීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය පියවර ගෙන තිබුණේ.
අදාළ නඩුවෙන් පසුගියදා දනුෂ්ක ගුණතිලක නිදහස් වූ අතර එම තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් දනුෂ්ක ගුණතිලකට එරෙහි චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කළ ස්වාධින විමර්ශන කමිටුවේ නිර්දේශය අනුව ශ්රී ලංකා ක්රිකට් විධායක කමිටුව මෙම තීරණය ගෙන තිබෙනවා.