Monday, November 25, 2024

General line - 0115112241

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ නවසීලන්තය පෙරමුණට




ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට නවසීලන්තය සමත් වී සිටිනවා.

ඒ, තමන් සහභාගි වු තරඟ හතරම ජයගනිමින්. නවසීලන්තය ඊයේ රාත්‍රියේ පැවති ඇෆ්ගනිස්ථානයට එරෙහි තරඟය ජයගත්තේ ලකුණු 149කින්. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6කට ලකුණු 288ක් රැස්කළා.

ග්ලේන් පිලිප්ස් ලකුණු 71යි. ටොම් ලැතම් ලකුණු 68යි. පිළිතුරු ඉණිම ක්‍රිඩා කළ ඇෆ්ගනිස්ථානයට සියළුදෙනා දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 139ක් පමණයි. දක්ෂ පන්දු යැවීමේ නිරත වු මිචෙල් සැන්ට්නර් හා ලුකී ෆර්ගියුසන් කඩුළු 3 බැගින් දවා ගත්තා.

මිචෙල් සැන්ට්නර් මෙහිදි වාර්තා අතරට එක්වුයේ එක්දින කඩුළු සියයක් බිඳ හෙලූ දෙවන නවසීලන්ත දඟ පන්දු යවන්නා ලෙසයි.


නවසීලන්තයේ මෙම ජයග්‍රහනයත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටි ඉන්දියාව දෙවන ස්ථානයට ඇඳ වැටී තිබෙනවා. දකුණු අප්‍රිකාව තුන්වන ස්ථානයේත් පාකිස්තානය සිව්වන ස්ථානයේත් පසුවනවා.


මේ අතර ඉන්දියාව හා බංග්ලාදේශය අතර තරඟය අද පැවැත්වෙනවා.