එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දැන් අතිශය තීරණාත්මක අදියරකට පැමිණෙමින් සිටිනවා.
ඒ, අද දිනයෙන් පසු පැවැත්වෙන තරග වල ජයග්‍රහණය බොහෝ කණ්ඩායම් වලට අත්‍යවශ්‍ය වී ඇති බැවින්.
එවැනි තීරණාත්මක තරගයක් අද පැවැත්වෙනවා.
ඒ, ආසියාවේ ප්‍රතිවාදීන් වන පකිස්ථානය හා ඇෆ්ගනිස්ථානය අතරයි.
මෙම තරගයේ ජය කණ්ඩායම් දෙකටම අතිශය වැදගත්.
යම් හෙයකින් මෙම තරගයෙන් ඇෆ්ගනිස්ථානය පරාජයට පත්වුවහොත් ඔවුන්ට බොහෝ දුරට මෙම තරගාවලියෙන් ඉවත් වීමට සිදු වනු ඇති.
පකිස්ථානයද සිටින්නේ ඊට ආසන්න තත්ත්වයකයි.
ඔවුන්ට තරගාවලියේ ඉදිරිය පිලිබද ආරක්ෂාකාරීව සිටීමට නම් අද තරගයේ ජය අතිශය වැදගත්.
තරගාවලියේ මෙතෙක් පැවති තරග 04න් ඇෆ්ගනිස්ථානය එක් තරගයක් පමණක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවනවා. පකිස්ථානය තමන් සහභාගී වූ තරග 04න් දෙකක් පමණක් ජය ගෙන ප්‍රසාද ලකුණු සටහනේ පසුවන්නේ පස්වන ස්ථානයේයි.
අද තරගය ජය ගත හොත් පකිස්ථානයට පළමු කණ්ඩායම් 04 තුලට ඇතුලත් වීමට හැකිවනවා.