වේග පන්දු යවන ක්රීඩක මතීෂ පතිරණ මෙවර ලෝක කුසලාන තරඟාවලියෙන් ඉවත් කර තිබෙනවා.
ඒ, ඔහුගේ ආබාධ තත්ත්වය මෙතෙක් සුව නොවීම හේතුවෙන්.
ඒ අනුව මතීෂ පතිරණ ශ්රී ලංකා සංචිතයෙන් නිදහස් කරන ලෙස ඉල්ලා ශ්රී ලංකා ක්රිකට් ආයතනය, අයි සී සී තාක්ෂණික කමිටුවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
මතීෂ පතිරණ වෙනුවට සංචිතයට ඇන්ජලෝ මැතිව්ස් හෝ දුෂ්මන්ත චමීරගෙන් එක් අයෙකු කැදවීමට නියමිතයි. බොහෝ විට මතීෂ වෙනුවට දුෂ්මන්ත චමීර සංචිතයට ආදේශ කරනු ඇති බවටයි වාර්තා වන්නේ.
මේ අතර එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අතිශය තීරණාත්මක තරගයක් දැන් පැවැත්වෙනවා.
ඒ, පකිස්ථානය හා ඇෆ්ගනිස්ථානය අතරයි.
තරගයේ ප්රථමයෙන් පන්දුවට පහර දුන් පකිස්ථානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 282ක් රැස් කළා.
නායක බාබර් අසාම් ලකුණු 74යි.
අබ්දුල්ලා ෂෆීක් ලකුණු 58ක් රැස් කලා.
තරගයේ 42වන පන්දුවාරය වන විට කඩුලු 05ක් දැවී ලකුණු 206ක් පමණක් රැස් කරමින් යම් අසීරු තත්ත්වයක පසුවුවද හත්වන කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 73ක සබදතාවක් ගොඩ නැගීමට ෂඩාබ් ඛාන් හා ඉෆ්තිකාර් අහමඩ් සමත්වුණා.
දෙදෙනාම දැවී ගියේ ලකුණු 40 බැගින් රැස් කරගෙන සිටියදීයී. පන්දු යැවීමේදී නූර් අහමඩ් කඩුලු 03ක් බිද හෙලුවා.
මෙම තරගයේ ජය කණ්ඩායම් දෙකටම අතිශය වැදගත් වන අතර යම් හෙයකින් ඇෆ්ගනිස්ථානය පරාජයට පත්වුවහොත් ඔවුන්ට බොහෝ දුරට මෙම තරගාවලියෙන් ඉවත් වීමට සිදු වනු ඇති.
පකිස්ථානයද මෙම තරගයෙන් පරාජයට පත්වුවහොත් ඔවුන්ගේ ලෝක කුසලාන ගමන අවදානමකට ඇද වැටෙනවා.
ලකුණු 283ක ඉලක්කය හඹා යාම සදහා පිටියට පිවිසි ඇෆ්ගනිස්ථානය මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 08ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 59ක් රැස් කරගෙන සිටිනවා.