ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වෙනවා. ඒ, දකුණු අප්රිකාව හා බංග්ලාදේශය අතරයි. තරගාවලියේ ඉදිරිය පිළිබද බලාපොරොත්තු තබා ගැනීමට නම් මෙම තරගයේ ජය බංග්ලාදේශයට අතිශය වැදගත්.
දකුණු අප්රිකාව මෙම තරගය ජය ගත හොත් ඔවුන්ට ප්රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පත්විය හැකියි.
මේ දක්වා පැවති තරග 4න් 03ක් ජය ගෙන දකුණු අප්රිකාව ප්රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවන අතර තරග 04න් එක් තරගයක් පමණක් ජයගත් බංග්ලාදේශය ප්රසාද ලකුණු සටහනේ 07වන ස්ථානයේ පසුවනවා.
මෙම තරගයෙන් බංග්ලාදේශය පරාජයට පත්වුවහොත් බොහෝ දුරට ඔවුන්ට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවනු ඇති.