එංගලන්තය සමග පැවැත්වෙන තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම බැංග්ලෝර් නුවර එම් චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී සිය පළමු පුහුණු සැසියට ඊයේ සහබාගි වුනා.
එම පුහුණු සැසියට අතිරේක ක්‍රීඩකයින් ලෙස පැමිණි ඇන්ජලෝ මැතිව්ස් සහ දුෂ්මන්ත චමීර ද එක්ව සිටියා.
හෙට දිනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා එංගලන්ත තරඟය දෙපිලට ඉතාමත් තිරණාත්මක තරගයක් වනවා.
තරගාවලියේ ඉදිරියට යෑමට නම් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජයගත යුතුව තිබෙනවා.
ක්‍රිකට් විචාරකයන් පවසන්නේ නෙදර්ලන්ත කණ්ඩායම සමග පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගැනීමත් සමඟ ශ්‍රී කණ්ඩායම හොඳ මානසිකත්වයකින් සිටින බවයි.
එමෙන්ම එංගලන්ත කණ්ඩායම ක්‍රීඩා කළ තරඟ 4 න් එක් තරඟයක් පමණක් ජයගැනීම හේතුවෙන් එංගලන්ත කණ්ඩායම යම් පසුබෑමකින් සිටින බවයි ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙන්නේ.
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර පැවති තරඟයේදි දඟ පන්දු යවන ක්‍රිඩක මහීෂ් තික්ෂණ ද ආබාධයකට ලක්වු වුණා.
පසුව ඔහුව ස්කෑන් පරීක්ෂණයකටද භාජනය කෙරුණු අතර එම වාර්තාවලට අනුව ඔහුගේ තත්ත්වය එතරම් බරපතල නොවන බවයි වර්තා වන්නේ.
කෙසේ වෙතත් ලෝක කුසලාන තරඟවලියේ ඉදිරි තරග ක්‍රිඩා කිරිමට ඔහුට අවස්ථාව තිබෙනවාද? නැද්ද? යන්න සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැහැ.
මේ අතර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් කරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වෙනවා.
ඒ, ඕස්ට්‍රේලියාව හා නෙදර්ලන්තය අතරයි.
මෙම තරගයේ ජය කණ්ඩායම් දෙකටම අතිශය වැදගත්.
ඕස්ට්‍රේලියාව මෙම තරගය ජය ගත හොත් ඔවුන්ට ප්‍රසාද ලකුණු 06ක් සමග සිය ස්ථානය තහවුරු කර ගත හැකියි.
තමන් සහභාගී වූ තරග 04න් 02ක් ජය ගැනීම හේතුවෙන් ඕස්ට්‍රේලියාව සිටින්නේ ද අවදානම් තත්ත්වයකයි.
එබැවින් මෙම තරගයේ ජය ඔවුන්ට ද අතිශය වැදගත්.
නෙදර්ලන්තය තරග 4න් එකක් පමණක් ජය ගෙන ඇති බැවින් අද තරගය ජය ගැනීම ඔවුන්ගේ ලෝක කුසලන ඉදිරියට වැදගත් වනු ඇති.
යම් හෙයකින් නෙදර්ලන්තය මෙම තරගය පරාජයට පත්වුවහොත් ඔවුන්ගේ ලෝක කුසලන ගමන දැඩි අවධානමකට පත්වනවා.