Friday, April 26, 2024

General line - 0115112241

දහස්පෙතියා මල් පූජාවක් අද පස්වරුවේ




බණ්ඩාරවෙල දෙමෝදර ශ‍්‍රී ශෛලතලාරාම විහාරස්ථානයේදී අද (20) පස්වරුවේ අසිරිමත් දහස්පෙතියා මල් පූජාවක් පැවැත්වෙනවා.

එහි විහාරාධිපති පූජ්‍ය රිල්පොල චන්දිම හිමියන් පැවසුවේ නෙත් එෆ්.එම්. රේඩියෝව සහ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය එක්ව සංවිධාන කළ ජාතික දහස්පෙතියා මල් පූජාව පූර්වාදර්ශයක් කරගනිමින් මෙම පිංකම සංවිධාන කරන බවයි.

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන් ද මේ පිංකම සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වූවා.