එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානයට අතිශය වැදගත් තීරණාත්මක තරගයක් දැන් පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගන් නායකයා තීරණය කලේ පළමුව පන්දු යැවීමටයි.
ශ්‍රි ලංකා පිල අද තරගයට පිවිසියේ වෙනස්කම් දෙකක්ද සමගයි.
ඒ අනුව ලහිරු කුමාර වෙනුවට දුෂ්මන්ත චමීරද කුසල් ජනිත් වෙනුවට දිමුත් කරුණාරත්නද කණ්ඩායමට එක්කර තිබුණා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ආරම්භක කඩුල්ලේ සබදතාව ලකුණු 22කට සීමා කරමින් දිමුත් දැවී ගියේ ලකුණු 15 ක් ලබා සිටියදීයි.
පැතුම් නිස්සංක ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් ලකුණු 46ක් රැස් කලා.
ඔහුට අද ලකුණු 04කින් ගිලිහී ගියේ ලෝක කුසලානයකදී අඛණ්ඩව අර්ධ ශතක 05ක් රැස් කර ගත් ශ්‍රී ලංකා පිතිකරුවා බවට පත්වීමට තිබූ වාර්තාවයි.
පසුව කුසල් මෙන්ඩිස් ලකුණු 39ක් හා සධීර සමරවික්‍රම ලකුණු 36ක් රැස් කලා.
විටෙක ශ්‍රී ලංකා පිල කඩුලු දෙකකට ලකුණු 134ක් රැස් කර ගනිමින් ස්ථාවර තත්ත්වයක සිටි නමුත් ලකුණු 185ක් වන විට කඩුලු 07ක් බිද වැටීමත් සමග ශ්‍රී ලංකා ඉනිම අඩපණ වුණා.
ශ්‍රී ලංකා මැද පෙල අසාර්ථක වූ අවස්ථාවේ මහීෂ් තීක්ෂණ ලකුණු 29ක් හා ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 23ක් රැස් කලා.
2019 වසරේ ජූලි මාසයෙන් පසු මැතිව්ස් රැස් කල වැඩිම ලකුණු සංඛ්‍යාව එයයි.
පන්දුවාර 49යි පන්දු 03ක් අවසානයේ ශ්‍රී ලංකා ඉනිම අවසන් වුණේ ලකුණු 241කටයි.
ලකුණු 242ක ඉලක්කයක් හඹා යාම සදහා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 32 ක් අවසානයේ කඩුලු 3ක් දැවී රැස්කර සිටි ලකුණු සංඛ්‍යාව147 ක්.