එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පකිස්ථානයේ තීරණාත්මක තරඟය දැන් පැවැත්වෙනවා.
ඒ, බංගලාදේශය සමඟයි.
තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංගලාදේශයට සියලු දෙනා දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 204ක් පමණයි.
මහ්මුදුල්ලා ලකුණු 56ක් රැස් කලා. නායක ශකීබ් අල් හසන් ලකුණු 43යි.
දක්ෂ පන්දුයැවීමක නිරත වූ ශහීන් ෂා අෆ්රිඩි ලකුණු 23කට කඩුලු 03ක් බිද හෙලූ අතර මොහොමඩ් වසීම් ද කඩුලු 03ක් බිද හෙලුවා.
මෙම තරඟයේ ජය පකිස්ථානයට අතිශය වැදගත්. ලෝක කුසලානය ගැන සුලු හෝ බලාපොරොත්තුවක් තබාගැනීමට නම් පකිස්ථානය මෙම තරඟය අනිවාර්යයෙන්ම ජයගත යුතුයි.
ඒ අනුව ලකුණු 205ක ඉලක්කයක් හඹා යාම සඳහා පකිස්ථානය මේ වන විට පිටියට පිවිස සිටිනවා.
ඒ අනුව ඔවුන් පන්දුවාර 06 ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 33 ක් රැස්කරගෙන සිටිනවා.