Sunday, November 24, 2024

General line - 0115112241

තීරණාත්මක තරගයේ ජයග්‍රහණයෙන් පකිස්ථානයත් ලෝක කුසලාන සටනට




එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරගයෙන් පකිස්ථානය ඊයේ කඩුලු 07ක ජයක් වාර්තා කළා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශයේ සියලු දෙනා ලකුණු 204කට දැවී ගියා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කල පකිස්ථානය පන්දුවාර 32යි පන්දු 3ක් අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 205ක් රැස් කරමින් තරගය ජය ගත්තා.
මෙම තරගය සැලකුණේ පකිස්ථානය එක්දින පිටියේ පන්දු 100කට වඩා වැඩි පරතරයක් ඇතිව තරගයක් ජයගත් සිව්වන අවස්ථාව ලෙසයි.

පකිස්ථාන ජයග්‍රහණයේ නියමුවා වූ ෆකර් සමාන් ලකුණු 81ක් රැස් කලා.

එය ඔහු එක්දින ඉනිම 11 කට පසු රැස්කල වැඩිම ලකුණු සංඛ්‍යාවයි. එමෙන්ම ෆකර් මෙහිදි හයේ පහර 07ක් එල්ල කල අතර එය පකිස්ථාන පිතිකරුවෙකු ලෝක කුසලානයක ඉනිමක රැස්කල වැඩිම හයේ පහර සංඛ්‍යාවයි.

මෙම ජයග්‍රහණයත් සමග පකිස්ථානයට ලෝක කුසලානයේ සුපිරි 04 දෙනාගේ වටයට පිවිසීමට යම් බලාපොරොත්තුවක් තබා ගැනීමට හැකි වනවා.

ඔවුන් තරග 07ක් අවසානයේ ජයග්‍රහණ 03ක් සමග ප්‍රසාද ලකුණු 06ක් රැස් කර ගෙන සිටිනවා.

ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකා කණ්ඩායම 07 ස්ථානය දක්වා පහත වැටුණා.

ඒ අනුව පකිස්ථානයට, ශ්‍රී ලංකාවට, ඇෆ්ගනිස්ථානයට හා නෙදර්ලන්තයට ඉතිරි තරගවල ජයග්‍රහණය අතිශය තීරණාත්මක වනු ඇති.

මේ අතර ඊයේ පකිස්ථානය හමුවේ ලද පරාජයත් සමග බංග්ලාදේශයට ලෝක කුසලානයේ සුපිරි 04 දෙනාගේ වටය පිලිබද බලාපොරොත්තු අත්හැර ගැනීමට සිදුවුණා.

ඒ අනුව කණ්ඩායම් අදියරේදීම ලෝක කුසලානයෙන් ඉවත් වූ පළමු කණ්ඩායම බවට බංග්ලාදේශය පත්වුණා.