Monday, January 27, 2025

General line - 0115112241

විදුලි සේවකයන් අද ලෙඩවෙයි - සෞඛ්‍ය සේවකයින් පැය 4ක් වර්ජනයේ




විදුලි සම්ප්‍රේෂණ පද්ධති විදෙස් සමාගම්වලට පැවරවීමේ සූදානම සහ අත්තනෝමතික ලෙස විදුලි බිල ඉහළ දැමීම ඇතුළු ආණ්ඩුවේ ක්‍රියාකළාපයට එරෙහිව අද දහවල් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර ඇතැයි ලංකා විදුලි සේවක සංගමය පවසනවා.

ඒ, අනුව ලෙඩ නිවාඩු වාර්තා කර සිය සංගමයේ සියලු නියෝජිතයින් ලංකා විදුලිබල මූලස්ථානය ඉදිරිපිටට රැස්ව එම විරෝධතාව පවත්වන බවයි ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් පැවසුවේ.


ආණ්ඩුවේ ක්‍රියාකළාපය හමුවේ විදුලිය යනු තවදුරටත් සේවාවක් නොව වෙළඳ භාණ්ඩයක් බවද ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් වැඩිදුරටත් පැවසුවා.

මේ අතර රාජ්‍ය සේවකයින් සඳහා රුපියල් 20,000ක වැටුප් වැඩි කිරීමක් ඇතුළු ඉල්ලිම් 6ක් මුල්කර ගනිමින් ශ්‍රි ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමය විසින් පැය 4ක වැඩ වර්ජනයක් මීට නොබෝ වේලාවකට පෙර ආරම්භ කළා. 

සෞඛ්‍ය අමාත්‍යංශය සහ දිවයිනේ පිහිටි සියලු ප්‍රධාන රෝහල් ඉදිරිපිට විරෝධතාවක්ද පවත්වන බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම් ඩබ්ලිව් රෝයි ද මෙල් පැවසුවේ. 


මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු ශ්‍රි ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ඩබ්ලිව් රෝයි ද මෙල් .