Monday, January 27, 2025

General line - 0115112241

අල්ලස් කොමිසමේ වැඩ ගැන ජනපති කතා කරයි




දූෂිත පුද්ගලයින් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවල ප්‍රගතිය ඉදිරි මාස 02 තුළ දැකගත හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 

දූෂිත පුද්ගලයන් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සඳහා ආණ්ඩුව කිසි විටෙකත් බලපෑම් නොකරන බවයි තඹුත්තේගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් පැවසුවේ. 

හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති නිල නිවාස සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා එහිදී අදහස් පළ කළා.


ගොවින්ට ලබාදෙන පොහොර සහනාධාරය සහ රාජ්‍ය සේවක වැටුප සම්බන්ධයෙන් ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී අදහස් පළ කළා.


සහල් හිඟය සහ පොල් හිඟයට විසඳුම් ලබාදෙන බවත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක මිල පහළ දැමීමට කටයුතු කරන බවත් තඹුත්තේගම ප්‍රදේශයේ පැවති ජන හමුවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසුවා.