Monday, January 27, 2025

General line - 0115112241

වසරේ පළමු පාසල් වාරය අදින් ඇරඹෙයි




මෙම වසරට අදාල පළමු පාසල් වාරය අදින් ආරම්භ වනවා. 

ඒ අනුව පළමු පාසල් වාරය අදියර තුනක් යටතේ ක්‍රියාත්මක බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ. 

අදින් ආරම්භ වන පළමු අදියර මාර්තු 14 වනදා දක්වා ක්‍රියාත්මකයි. 

පළමු පාසල් වාරයේ දෙවන අදියර අප්‍රේල් පළමුවනදා සිට 11 වනදා දක්වා ක්‍රියාත්මක බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ. 

පළමු පාසල් වාරයේ තෙවන අදියර ක්‍රියාත්මක වන්නේ අප්‍රේල් 21 වනදා සිට මැයි 09 වනදා දක්වායි.

මෙම වසරේ දෙවන පාසල් වාරය මැයි 14 වනදා සිට අගෝස්තු 07 වනදා දක්වා ක්‍රියාත්මකයි. 

තෙවැනි පාසල් වාරය අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවා. 

ඒ අනුව පළමු අදියර අගෝස්තු 18 වනදා සිට ඔක්තෝම්බර් 17 වනදා දක්වාත් දෙවන අදියර නොවැම්බර් 17 වනදා සිට දෙසැම්බර් 19 වනදා දක්වාත් පැවැත්වෙනු ඇති.