Sunday, November 24, 2024

General line - 0115112241

වසර 24 කට පසු නවසීලන්තට පරාජයක් - ශ්‍රී ලංකාවට ලෝක කුසලාන බලාපොරොත්තුවක්




ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තරඟයෙන් නවසීලන්තය පරාජය කරමින් සුපිරි ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඬුලු 4 කට ලකුණු 357 ක් රැස් කළා.

එය ඔවුන් තරඟයක ප්‍රථමයෙන් පන්දුවට පහරදී ලකුණු 300 යේ සීමාව අඛණ්ඩව රැස්කළ 8 වන අවස්ථාවයි. එවැනි දස්කමක් එක්දින පිටියේ දැක්වූ ලොව පළමු කණ්ඩායම ද දකුණු අප්‍රිකාවයි.


මෙම තරඟයේදී හයේ පහර 15 ක් සමඟ දකුණු ප්‍රිකාව මෙවර ලෝක කුසලානයේදී මේ දක්වා එල්ලකර ඇති සමස්ථ හයේ පහර සංඛ්‍යාව 82 ක්. එය සැලකෙන්නේ කිසියම් කණ්ඩායමක් එක්දින ලෝක කුසලානයක රැස්කළ වැඩිම හයේ පහර සංඛ්‍යාව ලෙසයි.


වසර 12 ක් තිස්සේ නොබිඳුණු ලෝක කුසලාන ශ්‍රී ලංකා වාර්තාවක් ද මෙහිදී සමවීම කැපී පෙනෙන සිද්ධියක්. 2011 ලෝක කුසලානයේදී තිලකරත්න ඩිල්ෂාන් සහ උපුල් තරංග තරඟ දෙකකදී ලකුණු 200 කට වඩා වැඩි සබඳතා ගොඩනගා තිබුණා.

ඊයේ තරඟයේදී දකුණු අප්‍රිකාවේ ක්වින්ටන් ඩි කොක් සහ රසී වැන්ඩර් ඩූසන්, මෙවර ලෝක කුසලානයේ දෙවන වරටත් තවත් ලකුණු 200 ක සබඳතාවක් ගොඩනගමින් එම වාර්තාව සම කළා.


ලකුණු 358 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය නවසීලන්තයට පන්දුවාර 35 යි පන්දු 3 කදී සියලුදොනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 167 ක් පමණයි.

ඒ අනුව නවසීලන්තය, දකුණු අප්‍රිකාව හමුවේ පරාජය වූයේ ලකුණු 190 කින්. එය සැලකෙන්නේ ලෝක කුසලාන ක්‍රිකට් පිටියේදී වසර 24 කට පසු නවසීලන්තය, දකුණු අප්‍රිකාව හමුවේ පරාජයට පත්වූ පළමු අවස්ථාව ලෙසයි.


නවසීලන්තයේ මෙම පරාජයත් සමඟ ඔවුන්ගේ ශුද්ධ ලකුණු වේගය අඩුවී ප්‍රසාද ලකුණු සටහනේ 4 වන ස්ථානය දක්වා පහතට වැටී තිබෙනවා.

නවසීලන්තයේ පරාජයත් සමඟ තවත් කණ්ඩාම් 4 කට දැන් සුපිරි කණ්ඩායම් 4ට පිවිසීමට අවස්ථාවක් උදාවීම කැපී පෙනෙන තත්ත්වයක්.

එම කණ්ඩායටම 4 ට ශ්‍රී ලංකාව ද අයත්. ශ්‍රී ලංකාවට එම අවස්ථාව උදාකර ගරනීමට නම් ඇෆ්ගනිස්ථානය හා නෙදර්ලන්තය සෙසු සියලු තරඟය පරාජයවී පාකිස්තානය, නවසීලන්තය පරාජය කර නවසීලන්තය ශ්‍රී ලංකාව හමුවේ පරාජය විය යුතුයි.

එමෙන්ම පාකිස්තානය, එංගලන්තය හමුවේ පරාජය විය යුතු අතර ශ්‍රී ලංකාව අද ඉන්දියාව ද පරාජය කළ යුතුයි.