අද දිනයේ රටම කතා වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ඉන්දිය කණ්ඩායම හමුවේ ඊයේ ලද දරුණු පරාජයයි.
සමාජ මාධ්‍යයේ අදහස් දක්වන බොහෝ දෙනෙකු ක්‍රිකට් යළි නොබලන බවට ප්‍රකාශ කරන තරම් එම පරාජය ජන හදවත් තුළට කිදා බැස ඇති අයුරු දැකගත හැකියි.
දකුණු අප්‍රිකාව, එංගලන්තය, පාකිස්තානය වැනි ලොව ප්‍රබල වේගපන්දු යවන්නන්ට සාර්ථකව මුහුණ දුන් ශ්‍රී ලංකාවට ඉන්දියාව හමුවේ සිදුවූයේ කුමක් ද ? මේ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු නවීඩ් නවාස්.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ගේ මානසික සෞඛ්‍ය මට්ටම ඉහළ නැංවීම සඳහා කටයුතු කළ යුතු තත්ත්වයක් මතුව ඇති බවයි ඔහු පැවසුවේ.
ඉන්දිය කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව ඊයේ දිනයේ රැස් කළේ ලකුණු 55 ක් පමණයි. එය ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ 1975 න් පසුව ශ්‍රී ලංකාව ලද දරුණුතම පරාජයයි.